ඔබයි අපට දිරියත් කෙම් බිමත් දෙවියනේ
ලඟින් ඉන්න උදව් කරුවෝ විපත් වතාවේ
දෙරණ සසැලුනත් නැහැ අප බියපත් වන්නේ //
පුන ගැයුම:
හමුදාවන්ගේ සමිදෝ අප හා වන්නෝ
ජකෝබුන්ගේ දෙවිදාණෝ බල කොටුව අපේ
කඳුද පවා වැටී ගියත් මුහුදේ පත්ලේ
ගොරවා පෙන දා නැගුනත් දියකඳ මුහුදේ
කඳුත් සසලවා නැගුනත් රළගෙඩි සයුරේ //
හමුදාවන්ගේ සමිදෝ අප හා වන්නෝ
ජකෝබුන්ගේ දෙවිදාණෝ බලකොටුව අපේ
එව් විමසව් සමිදාණන් සිදුකළ දේවල්
පොළොව පිටේ එතුමන් කල බිහිසුණු විකුමන්
යුද කෙළි එතුමෝ පොළොවෙන් මකා දමන්නෝ