ශුද්ධ වූ පිලිප් නේරි මුනිතුමා
මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ශුද්ධ වූ පිලිප් නේරි මුනිතුමා පිළිබඳවයි.
වර්ෂ 1515 ජූලි මස 21 වන දින ඉතාලියේ ෆිරෙන්සි නුවර නීතිඥවරයෙක් වන ෆ්රැන්සිස්කෝ දි නේරිතුමාට සහ එම මැතිනියට දාව උපත ලද මෙතුමා ඉතා වංශවත් පවුලකින් පැවත එන්නෙකි.
වයස අවුරුදු 18දි පිලිප්තුමන්ව එතුමාගේ මාමා කෙනෙකු වන රොමෝලෝ වෙත යවන ලදි. රොමෝලෝ ඉතා ධනවත් ව්යාපරිකයෙකි. ඔහුට උදව් කිරීමට පිලිප්නේරිතුමන් හට වගකීමක් පැවරිනි. නැවත පිලිප්තුමන් සාන්ත ජෙර්මානෝ වෙත පැමිනි පසු එතුමා කතෝලික ආගමට වඩා නැබුරුවක් දක්වන ලදි.
එබැවින් එතුමා වර්ෂ 1533දි රෝමය වෙත පිටත් වනවා. තරුණ තරුණියන්ට අත හිත දෙමින් එතුමා අසරණ ජනයාහට උදව් උපකාර කරමින් ධර්මය ප්රචාරය කරන ලදි. වර්ෂ 1595 මැයි මස 25 වන දින එතුමා ස්වර්ගස්ථවිනි. ඒ රෝමයේදීය.
එතුමා රෝමයෙන් බිහිවුනු 3 වන අපෝස්තුලුවරයාද වනවා. එතුමා එක්සත් ජනපද හමුදා විශේෂ බලකායේ නාම සාන්තුවරයාද වනවා.
එතුමාගේ ශුද්ධවු වස්තු ලෙස එතුමාගේ හෘදය වස්තුවේ පිටත් සිවිය දැකගත හැකිය. එයට අමතරව එතුමා ස්වර්ගස්ථවුනු අවස්ථාවේ එතුමන් බලාසිටි කුරුසයද වනවා. එතුමා විශාල වශයෙන් පෑ ප්රාතිහාර්ය අද දවසෙත් නොඅඩුව අසන්න ළැබෙනවා.