පුන ගැයුම :
දෙවිඳුනේ අප වෙතේ ඔබගේ අදර කරුණා පා
දුබල පවිටු සතට වෙනු මැනේ කමා

දෙවියනී ඔබගේ ඉමහත් කරුණාව නිසා
මට දයා වුව මැනව
ඔබගේ අනුකම්පාව නිසා මා නිදොස් කළ මැනව

මාගේ දොස්වලින් මා මුළුමනින් සෝදාලනු මැනව
මාගේ පාපයෙන් මා පිරිසිඳු කළ මැනව

මම මාගේ පව් දනිමී සැම විට මාගේ
පාපය මා ඉදිරියේ ඇත්තේය

ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව
මම පව් කළෙමී ඔබ ඉදිරියේ අයහපත් දේ
මම කළෙමී

දෙවියනී නිර්මල හෘදයක් මා තුළ මැව්ව මැනව
නොසැලෙන ආත්මයක් මට දුන මැනව

ඔබගේ සහනයේ ප්‍රීතිය මා වෙත දානය කළ මැනව
බැතිමත් ආත්මයකින් මා
ප්‍රාණවත් කළ මැනව

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
ආදියේ වූවාක් මෙන් දැනුත්
සදහටත් වේවා !

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *