විළියට පත් වනු නොදී කෙදා
ගලවනු මා, ඔබ දැහැමි නිසා
රැකුම් සොයා ඔබ ලඟට වහා
දිවැ එමි මම හිමි පා
ඔබේ සවන් මා දෙසට නමා
වඩිනු වඩිනු ලහියේ
මා මිදුමට සමිඳේ
වනු ඔබ මට සළ රකවරණේ
මට ඔබ ගැලවීමේ
බලකොටුවද වන්නේ
සමිඳුනි ඔබගේ නම සඳහා
දක්වනු මට මඟ පා
අසු කැරැ ගන්නට මා
අතුළෝ දැලකුත් සඟව තබා
එයිනොබ මා බේරූ
මගෙ රකවරණේ වූ
අතට ඔබේ පණ හුස්ම මගේ
බාර කරමි සමිඳේ
ගලවනු මා දෙවිඳේ
තුසිමි නොහමි ඔබෙ මෙත සමරා
විපතෙදී මා නහමා
ඔබ මට පිහිට වුණා