පුන ගැයුම:
තේජස මහිමය පිරී රජිඳාණෝ – කවුදෝ මේ රජිඳාණෝ
සැම බල සැම ජය සතු හිමිපාණෝ – ලොව පාලක සමිඳාණෝ
මුළු ලොව දෙවිඳුන් සතුවේ – සැම දෙය දෙවිඳුට හිමිවේ
සමුදුර නෙරපා ගොඩබිම සැදුවේ – මෙම මහබල දෙවිඳුන් වේ
දෙවිඳුන් දුටුවේ කවුදෝ – සුර වත දැක්කේ කවුදෝ
ඇත්තට දිවිදුන් පිරිසුදු අතසිත – සතු අය පමණක් නොවෙදෝ
දෙවිඳුන් ආසිරි ඇසුවෝ – සමිඳුගෙ යහපත ලැබුවෝ
ගැලවුම් කරුවූ සමිඳුන් ඉදිරියෙ – වැඳ වැටෙමින් පුද දෙන්නෝ
ඉපැරණි දොරටුව හරිමින් – කැඳවනු සුර රජිඳාණන්
සැම සෙත විදහා පැමිණියේ සුරලොව – සැම බල නායක සමිඳුන්