පිටකොටුවේ ශා. පිලිප්නේරි මුනිදුන්ගේ දේවස්ථානය ඉදි කිරීමේ ඉතිහාසය
මේ කාලයේ දී මෙරට සැලකිය යුතු අන්දමේ අංග සම්පුර්ණ දේවස්ථානයක් දකුණු අනුපදවියේ නොපැවතිණි.
කොළඹ අගනුවර නිසාත් එකල විසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කොළඹ පදිංචි වී සිටි නිසාත්, නිතර දෙවේලේ බ්‍රාවි රදගුරුතුමා සමග අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳව ව සාකච්ඡා කිරීමටත් එහි වූ නියෝජිතයන් රදගුරුතුමන් හමුවීමට පැමිණි නිසාත් ඉතා මනරම් සිත්ගන්නා සුළු මෙන්ම අංග සම්පූර්ණ දේවස්ථානයක් කොළඹ නගරය තුළ ඉදිකිරීම බ්‍රාවි රදගුරුතුමන්ගේ අරමුණ විය.
ඒ කාලේ කොළඹ නගරයේ ප්‍රධානතම ස්ථානය පිටකොටුව හා ගෑස්පහ හන්දිය වූ නිසා බොහෝ ජනතාවක් අද මෙන් එදා ද මේ ප්‍රදේශයේ රැස්ව සිටි බව සඳහන් වේ.
පිටකොටුවේ තිබුණු දේවස්ථානය ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් විසින් සිය පැවිදි නාම සාන්තුවරයාණන් වන ශාන්ත පිලිප්නේරි මුනිතුතුමන් වෙනුවෙන් ලන්දේසි යුගයේ අවසානය වන විට ඉදිකරන ලද දේවස්ථානයක් කොළඹ නගරය තුළ ඉදි කෙරිණි.
මේ කාලය පිටකොටුව ආසන්නයේ මෙම ශාන්ත පිලිප්නේරි මුනිතුමන්ගේ දේවස්ථානය සහ ඊට යාබදව මැලිබන් වීදියේ සුභ ගමනේ අප ස්වාමි දූ වෙනුවෙන් කැප කරන ලද දේවස්ථානයක් ඉදි වී තිබුණු අතර මෙම මැලිබන් වීදියේ දේවස්ථානය ඉදිකරන ලද්දේ එකල නෞකාවලින් පැමිණි පූජා ප්රසාදීවරුන්ගේ සහ කතෝලිකයන්ගේ ආත්මික කටයුතු සදහාය.
ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදූතවරුන් ඉදිකරන ලද කුඩා දෙව්මැදුර මේ කාලය වන විට ප්‍රමාණවත් නොවීය. එම නිසාම කොළඹ නගරයේ කතෝලික අනන්‍යතාවය කියාපාන්නට කදිම මධ්‍යස්ථානයක් ලෙස පිටකොටුවේ වත්මන් දේවස්ථානය ඉදිකරන්නට මුල පිරූ බ්‍රාවි රදගුරු හිමිපාණන් හට එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ද අනුග්‍රහය දැක්වූ බව සඳහන් වේ.
මෙසේ කොළඹ නගරය තුළ දර්ශනීය දෙව්මැදුරක් ඉදිකිරීම හා කතෝලික අනන්‍යතාවය නගරය තුළ නිරූපණය කිරීම ද එකල විසූ ඇතැම් ධර්මදූතවරුන්ගේ දෝෂ දර්ශනයට හේතුවක් විය. මන්ද ඒ කාලයේ අංග සම්පූර්ණ අංග සම්පූර්ණ සුවිශාල දේවස්ථාන පැවතියේ උතුරු අනුපදවියේ පමණි.
එනම් ක්‍රි.ව. 1840 දී ඉදිකරන ලද ස්වර්ගාරෝපිත රාජේශ්වරියට කැපකරන ලද මන්නාරමේ පරපාන්කන්දල් දේවස්ථානය සහ කල්පිටිය අර්ධද්වීපයේ එකල පාලකුඩාව නමින් හඳුන්වන ලද වර්තමාන තලවිල සාන්ත ආනා දේවස්ථානය වේ.
මෙම දේවස්ථාන දෙකක ම නිර්මාණය කරන ලද්දේ ගෝවේ ඔරතෝරියාන නිකායික ගෞ. පෙඩ්රෝ නොරෙඤ්ඤ පුජාප්‍රසාදීන් වහන්සේය. එම නිසා අති උතුම් ජෝශප් මරියා බ්‍රාවි හිමිපාණන්ගේ සිහිනයක් බදුවූ මෙම දේවස්ථානය සදහා ක්‍රි.ව. 1858 වසරේ මැයි මාසයේදී මුල් ගල තබනු ලදුව ක්‍රි.ව. 1862 පෙබරවාරි මස 23 වන දින එවකට අනුනායක ගෝවේ ඔරතෝරියාන නිකායික අති ගරු මතේඔස් කයිතානු හිමිපාණන් විසින් ආසිරි ගන්වන ලද බව සදහන් වේ.
මෙම දේවස්ථානය ඉදිකිරිම සදහා ඉතාලි මුදලින් ලීරා 4000ක මුදලක් වැයවූ බවත් මේ සදහා සැලැස්ම ක්‍රි.ව. 1854 දී රෝමයේ සසුන් පිය නිල ආසන දෙව්මැදුර වන ශා. ජෝන් ලැටරන් බැසිලිකාවේ අනුරුවක් ලෙස මෙම දේවස්ථානය නිර්මාණය කරන ලදී.
දකුණු අනු පදවියේ පාසැල් ඉදිනොකොට සුවිශාල දේවස්ථානයක් ඉදිකිරීම පිළිබඳව උතුරු අනුපදවියේ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික ධර්මදුතවරුන් බ්‍රාවි රදගුරුතුමන් විවේචනයට ලක්කොට ඒ පිළිබඳව ශුද්ධාසනයට සහ එව්ජින් ද මැසනොඩ් රදගුරුතුමන් පැමිණිලි කළ බව සඳහන් වේ.
මෙම මනරම් දේවස්ථාන ඉදිකිරීම සඳහා ඉපැරණි දේවස්ථානය ක්‍රි.ව. 1858 පාස්කු මංගල්‍යය නිමාවීමත් සමගම කඩා ඉවත් කොට ඉතා ගාම්භීර ආකාරයෙන් බ්‍රාවි රදගුරුතුමන් විසින් ම මුල් ගල තබනු ලදුව ඉතා කෙටි කලක් ඇතුළත නිර්මාණය කිරීම සුවිශේෂී වේ.
නමුත් මෙම නිර්මාණය ආසිරි ගන්වා විවෘත කිරීමේ අවස්ථාවම එතුමන්ට නොලැබුණු අතර , ඒ ගැලවීමේ ඉතිහාසයේ එන මෝසෙස්තුමන්ගේ කැදවීම හා සමාන වේ.
මෙම දෙව්මැදුර ඉදිකිරීම සදහා බ්‍රිතාන්‍යය රජය ඇතුළු ආණ්ඩුකාරවරයා විසින් ස්ටර්ලිං පවුම් 1000 ක මුදලක් ද සැදැහැවතුන්ගෙන් ස්ටර්ලිං පවුම් 1500ක මුදලක් ද ලද බව සදහන් වේ.
සටහන – අසේල දසනායක