ක්‍රි.ව. 1877 වසරේ දී මෙහි සිතුවම් කරන ලද සිතුවම් එකල ලාංකේය මයිකල් ආන්ජලෝ ලෙස ව්‍යවහාරයෙන් පිදුම් ලද ජෝර්ජ් හෙන්ද්‍රිකස් මහතා විසින් අදින ලද ඒවා වේ.

මොහුගේ පළමු නිර්මාණ ඇතුළත් සිතුවම් වන්නේ ද මහනුවර ආසන දෙව්මැදුර වේ.

මොහුගේ දක්ෂකම් අති උතුම් හිලේරියන් සිල්ලානි ( සා.බෙ.නි.) රාජගුරුප්‍රසාදීන් වහන්සේ විසින් දුටු නිසා රෝමයේ ශු. කලාවන් පිළිබදව අධ්‍යනයක් සදහා යොමුකළ බවත් , ඒ නිසා එහි මනා අධ්‍යාපනයක් ලබා පැමිණි විගසම එතුමෝ මහනුවර ආසන දෙව්මැදුරේ සිතුවම් කරණය පිණිස යොමුකල බවද , සදහන් වේ.

පසුකාලීනව මෙතුමෝ ටවර් හෝල් රංගායතනයේ පසුබිම් චිත්‍ර ශිල්පියෙකු වූ බවත් ඒ කාලයේදී මෝදර ශු. මහා සන්තියාගෝ දේවස්ථානයේ සහ මෝදර ශු. ස්නාවක ජුවාම් මුනිතුමන්ගේ දේවස්ථානයේ සීලිම් චිත්‍ර සහ බිතු සිතුවම් නිර්මාණය කළ බවත් සදහන් වේ.

ජෝර්ජ් හෙන්ද්‍රිකස් මහතා විසින් මහනුවර ආසන දෙව්මැදුරේ අදින ලද සිතුවම්

  1. ශු. අල්තාරයට පිටුපසින් ඇති ශු. අන්තෝනි මුනිතුමන්ගේ සිතුවම
  2. ශු. අල්තාරයේ මැද කොටසේ පිහිටි ස්වර්ගාරෝපිත මරියාවන්ගේ සිතුවම ( දකුණු අනුපදවියේ නාම සාන්තුවරිය )
  3. ශු. අල්තාරයේ ඉහලින් වම් පස කොටසේ තාපස පිතෘ ශු. බෙනදික් මුනිතුමා
  4. ශු. අල්තාරයේ ඉහලින් දකුණු පස කොටසේ තාපස පිතෘ ශු. සිල්වෙස්තර මුනිතුමා
  5. ශු. අල්තාරයේ පහලින් වම් පස කොටසේ සුරැකි පියාණන් වන ශු. ජුසේ මුනිතුමා
  6. ශු. අල්තාරයේ පහලින් දකුණු පස කොටසේ පෙරදිග අපෝස්තුළුවරයාණන් ලෙස ව්‍යවහාරයෙන් පිදෙන ශා. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් - 1 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් – 1 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් - 2 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් – 2 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් - 3 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් – 3 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් - 4 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් – 4 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් - 5 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් – 5 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් - 6 රූපය
මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුරේ සිතුවම් – 6 රූපය

සෙසු අල්තාර වල පැවති සිතුවම්

  1. භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියෝත්තමාවෝ
  2. ශු. ආනා මුනිශ්වරිය
  3. ශු. සෙබස්තියන් මුනිතුමා
  4. ශුද්ධිකාගිනිස්ථානය
  5. ස්වර්ගාරෝපිත මරියාවන් , ශු. අන්තෝනි මුනිතුමන් , ශා. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා සහ මහනුවර

සටහන – අසේල දසනායක

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *