ඔබට පුදම් ලොවේ සියලු සාර ජීවිතේ
ගසේ ගෙඩිද වලේ මල්ද ගොයම හා කෙතේ
විලෙන් ව්ලෙට ගලා බසින ජීවනයේ ජලේ
සියලු ඉසුරු රඳා තිබෙන ගබේ ලෝ තලේ
කසුන් අසුන් තනා සඳුන් අඳුන් අනා
සුගන්ද දුම් උනා වඳිම් සදාණනේ
මුහුදෙ මසුන් වනේ සතුන් අහසෙ තරු එළී
ගගෙ දොළේ කඩා හැලෙන පළිඟු දිය ඇලී
කැලය සුවඳ කෙරෙන මල් ද අතු ද කොළ දළු
උදේ ඉරෙන් රතට හැරෙන දහර අහු මුලු