මල් මල් හිනැහෙනවා

|

මල් මල් හිනැහෙනවා – ගස් වැල් නැලැ වෙනවා
සීතල සුළඟට තුරුළු වෙලා – නත්තල ළඟ එනවා

සඳ රැස් වැගිරෙනවා – මල් විල පිබිදෙනවා
සන් හිඳි සැනසුම් එලියෙ එතී – නත්තල ළඟ එනවා

තරු මල් අහස පුරා – නිවි නිවි ඔබ වෙනවා
නිසසල රැයෙකට එකතු වෙලා – නත්තල ළඟ එනවා

දිය ඇලි හෝ හෝ ගා – පෙන කැටි විසු රනවා
ලොව හැම හට මඟුල් කියා – නත්තල ළඟ එනවා

පිනි පොතු වැහි වැහැලා – දළු මතැ දිලිසෙනවා
පී දෙන ගොයමට මුතු අල්ලා – නත්තල ළඟ එනවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි