භාග්‍යවන්ත කන්‍ය මරියතුමියගේ අති මධුරවූ පතිතුමෙනි, මාගේ දයාවන්ත ආරක්ෂාකාරවූ ශුද්ධවූ ජුසේ මුනිදුනි, ඔබගේ ආරක්ෂාව සොයා ඔබගේ පිහිට ඉල්ලා කිසිවෙක් සැනසීම නොලබා නොගිය බව සිහිකළ මැනව. 

ඔබගේ මේ බලවන්ත උපකාරය කෙරෙහි මා මුළු විශ්වාසය තබමින් ඔබ වෙතට ඇවිත් ඒකාන්ත සිතින් මම ඔබට සිත් පවරා දෙමි. 

අනේ අපේ රක්ෂාධිකාරයාණන් වහන්සේගේ ස්නේහේවන්ත සුරැකී පියාණෙනි, මාගේ යාච්ඤාව අගරු නොකර  මාගේ ඉල්ලීමට ඇහුම්කන් දී එය මට ලබා දුන මැනව. ආමෙන්.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *