පුන ගැයුම:
ඉඩ දෙන්නනෙපා විශ්වාසයේ
පහන නිවී යන්න
අඳුරේ ගැලී යයි ජීවිතේ
අවදිවැලා ඉන්න

තෝමසුවන්ගේ අවිශ්වාසේ
සුවකළ සැටි පුදුමෙකි සමිඳේ
ඔබේ වතට වත දුන් එදිනේ
හරි වැටහුම ඔහුට ද ලැබුණේ

ඒ සවුවාණන් ළංවැ බියේ
තුවාල සියැසින් බලා ඔබේ
පෙව්වා අත පෙව්වා පමණේ
ඔහු සිත සංකා දුරුවැ ගියේ

බලව් බලව් හදවත මාගේ
කියමින් ඔබෙ හදපට පෑවේ
සකල මිනිස් වග වෙත සෙනෙහේ
නොසිඳෙන පෙම පිළිබිඹු වූයේ

හෙල්ලෙන් විවර වූ තුවාලයේ
සඟවා ගනු අප හැම මොහොතේ
සමිඳුනි ඔබ විඳි දෙතිස් වදේ
අපට විමුක්තිය ගෙන දුන්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *