දුවන ලෙසට පවසෙ පෙළි පෙළී
මුව දෙන උල් දියට සුසුම් ලා
හැපෙයි මගේ දෙවියනේ
මගේ අත් බව ඔබමැ සොය සොයා //

පුන ගැයුම :
වතට වත දිදී දකිම් මම කෙදා
දෙවිඳු මගේ සුරිඳු මගේ එකමැ හිමි සදා

මගෙ පණ වන ඔබට දෙවියනේ
මන දොළ මගේ සයින් තැවෙන්නේ
ලැබෙනු ඇති දැ මට කෙදා
දැකැ ගන්නට මුහුණ දෙවි සදා //

උදේ හවහෙ මගේ අහර නේ
ගලන කඳුළු මගේ ඇස් දෙකේ
දෙවියො කොහෙදැ දැන් තගේ
ඇනුම් බැණුම් ඇසේ ඇමැ දිනේ //

කොහොම ගියෙම් සෙනඟ සමගෙ දා
බලා මැදුර දෙවිඳු වඳිනටා
සිහිවත වත එහෙව් දා
හද මගෙ යෙයි දැනුත් උතුරලා //

පසස ගැයුම් තුති ගී මැද්දේ
ජය මංගල උදන් නෙ සිරියේ
එදා ගෙවුණෙ කොහොමැදෝ
සිහි වන විට තවමැ හද තැවේ //

ඇයිදැ තවමැ ආත්මයෙණි මේ
දුකට පත්වැ ඉන්නේ වැලැපී
නොසන්හිඳී තැවෙන්නේ
පතා හිඳුව දෙවියන් සරණේ //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *