හිරු පායන විට හිරු සමඟින් නමදින්නම්
සඳු පායන විට සඳු සමඟින් නමදින්නම්
සිතේ අගුණ දුරු කරන් ඇවිත් නමදින්නම්
හිරුත් සඳුත් නැති වුණත් ලොවේ නමදින්නම්
දුක දැනෙනා කල දුක සමඟින් නමදින්නම්
සැප විඳිනා කල සැප සමඟින් නමදින්නම්
ගතේ දුබලකම් අරන් ඇවිත් නමදින්නම්
දුකයි සැපයි පිරි මිනිස් ලොවේ නමදින්නම්
ගී ගයනා විට ගී සමඟින් නමදින්නම්
වෙණ වයනා කල වෙණ සමඟින් නමදින්නම්
සමිඳු විමානේ ලැගුම් අරන් නමදින්නම්
නැටුම් ගැයුම් ගෙන බැතින් පිරී නමදින්නම්
Thank you for your great service brother. You’re chosen by our Lord Jesus Christ 😇🙏