පුන ගැයුම:
දෙසට කඳුකරේ
නගමි ඇස් මගේ
එනු ඇතේ එතැනිනේ
උදව් පිහිට මා සොයා
අහස හා පොළොව හා
මැව්ව සමිඳුනේ
මගෙ සහයට ඔබ මැ වඩින්නේ

දෙපා හැපී නොවැටෙන ලෙස එතුමෝ ඔබ රකිත්වා
ඔබෙ මුරකරු එතුමාණෝ ඔබ නිති මුර කරත්වා
එතුමන් නෑ කවදාවත් නිදි කිර කිර සිටින්නේ
ඊශ්‍රයෙලුන් රකින්නෝ නො නිදති කිසි දිනක හෝ

සුරකු ඔබට ඔබ හෙවණ, සුරිඳෝ වෙති නිති පතා
රැකවරණය ඔබට දෙන සෙ, ඔබ සුරතේ සිටින්නෝ
රෑ යාමේ සඳුගෙන් වන විපතින් ඔබ මුදන්නෝ
දිවා හිරුගෙ උවඳුරින් ද එතුමෝ ඔබ රකින්නෝ

ඔබට වදින හැම නපුරන් සුරිදෝ ඔබ රකින්නෝ
ඔබගේ වන ආත්මයද රකිති ඔවුන් වහන්සේ
යන එන ගමනත් ඔබගේ සුරිඳුන් හට බා රවේ
ගෙවෙමින් යන දැනුත් මේ අදත්, හෙටත් නිතිදිනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *