171. දහසක් අතරින් මා තෝරා ගත්තාවූ

|

පුන ගැයුම :
දහසක් අතරින් මා තෝරා ගත්තාවූ
සමිඳුනි ඔබ හට නිරන්තරේ
බැති ගී ගයන්නෙමී
තුති ගී ගයන්නෙමී

අඳුරින් පිරි ලොව එළිය කරන්නට දැල්වෙන පහනක් වී
දෙව් ජනතාව ම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා //

දෙව් ජනතාව ම රස ගන්වන්නට පොළවේ ලවණක් වී
දෙව් ජනතාව ම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා //

දුක් ගිනි දරනා මේ ලෝ දන හට සැනසුම් සුවයක් දී
දෙව් ජනතාව ම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා //

වැඳුමට පිදුමට වහල් නොවන්නට ඔවුනට පහදා දී
දෙව් ජනතාව ම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා //

දිවියේ සියලුම අගය බලන්නට සැම හට මඟ පහදා
දෙව් ජනතාව ම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි