kamkaru juse thuma

ශු. පවුල තුළ වඩාත්ම උසස් ජේසුස් වහන්සේ, ඊට පස්සේ මරිය තුමිය, ඊටත් පස්සේ තමයි ජුසේ තුමා එන්නේ. එත් අපි ශු. පවුලේ හිස විදිහට සලකන්නේ ජුසේ තුමාව. ජුසේ තුමා ජේසුස් වහන්සේ ළගම ඉදලත් කවදාකවත් ජේසුට ප්‍රාතිහාර්ය කරන්න කියලා බල කරල නැහැ. බොහොමයක් පිරිස් ධනය, බලය හබා යන එකේ ජුසේ තුමාටත් තිබ්බා ජේසුගෙන් ඒ දේවල් ඉල්ලන්න.

එත් ජුසේ තුමා ජේසු හරහා තමන්ට ලැබිච්ච නැති දේවල් ඉල්ලන්න ගියේ නැහැ. ඒ වෙනුවට එතුමා උන්වහන්සේටත් ආදර්ශයක් වුණා. ඕගොල්ලෝන්ට හිතෙන්න පුළුවන් දේව පුත්‍රයා සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් මොනා ඉගෙන ගන්නද කියලා. නමුත් ජුසේ මුනිතුමා දෙවියන් වහන්සේගේ සෙවනැල්ල හා සමානයි.

ශු. ලූක් තුමා උන්වහන්සේ ප්‍රඥාවෙන් වැඩුනා කියලා සදහන් කරනවා. ඒක නිසා ජේසු තමන්වහන්සේගේ මනුෂ්‍ය තලය (human nature) තුළ තම සුරැකි පියාගෙන් ඉගෙන ගත්තා.

ආරක්ෂක ජුසේ මුනිතුමා (st.Joseph the protector)

ශු. බයිබලයේ කොහෙවත් සදහන් වෙන්නේ නෑ බිලිඳු ජේසු හා මරිය තුමියව ඊජිප්තුව රැගෙන යද්දී කරදරයක් වුණා කියලා. ශු. ලූක් ශුභාරංචියේ තමයි ඊජිප්තුව කරා යන ගමන සදහන් වෙන්නේ, එතකොට ලූක් තුමා මෙය රචනා කරන්න අදහස් ගන්නේ මරිය තුමියගෙන්. ඒ කියන්නේ යන ගමන අතරතුර ගැටළු ආවත් ඒ දේවල් මරියතුමියට හා ජේසුස් වහන්සේට බලනොපාන විදිහට ආරක්ෂා කරලා තියෙනවා.ඒක නිසා අපිත් උන්වහන්සේගේ මැදිහත්කම ඉල්ලන කොට අපිවත් ඒ විදිහටම බලා ගන්නවා.

මැයි 1 වන දින මංගල්‍ය සැමරීමට හේතුව.

“එවකට සිටි සියලුම කිතුනුවන් මෙන්, මමද කම්කරු ශු. ජුසේ මුනිදුන්ට ගෞරව කිරීම සඳහා ආගමික මංගල්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට ශු. සභාව ගත් තීරණය ගැන සතුටු වන අතර කෘතඥපූර්වකව වෙමි.” [ශු.හොසේමරියා එස්ක්‍රිවා. ]

“මෙම මංගල්‍යය, වැඩ කිරීමේ දිව්‍යමය වටිනාකම සනාථ කරමින්, විශේෂයෙන් අපගේ මේ කාලයේදී දෙවියන් වහන්සේ, මනුෂ්‍යයන් හට මෙනෙහි කරවීමට කැමති ශුභාරංචියේ මූලික සත්‍යයන් ශු. සභාව කෙතරම් ප්‍රසිද්ධියේ ප්‍රතිරාවය කරන්නේද යන්න පෙන්වයි.” [ශු.හොසේමරියා එස්ක්‍රිවා. ]

මෙතුමා මෙම ප්‍රකාශය සිදු කරන්නේ වර්ෂ 1955 දී.එම වර්ෂය නම් ශු. සභාව කොමියුනිස්ට්වාදය නම් වු සාතන්ගෙන් රැක ගැනීමට හඩ ගැසූ කාල වකවානුවකි.

20 වන සියවසේ මුල් භාගයේ දී කොමියුනිස්ට්වාදයට සියළුම නායකයන්ගෙන් සහය ලැබුනු අතර බොහොමයක් රාජ්‍යයන් ද එම අදහස් වලට යටත් විය.1937 දී මෙය වටහා ගත් XI වන පියුස් පාප්වහන්සේ කොමියුනිස්ට්වාදය, පොදු යහපතට එල්ල කරනා බරපතල තර්ජනයෙන් ශු. සභාව ගැලවීමට ජුසේ මුනිතුමන්ට හඩ ගසන ලදී.

“ලෝක කොමියුනිස්ට්වාදයට එරෙහිව පල්ලිය දියත් කරන දැවැන්ත ව්‍යාපාරය, ඇයගේ බලවත් ආරක්ෂකයා වන ශු. ජුසේ තුමාගේ ධජය යටතේ අපි තබමු.” [XI වන පියුස් පාප්වහන්සේ]

මෙතුමාගේ ප්‍රකාශය පදනම් කරගනිමින් බොහෝ කතෝලිකයන් ජුසේ තුමන්ට යැදීමට ඇරඹිය. (කොමියුනිස්ට්වාදයේ අදේවවාදී සංකල්ප බිද දමන්නා ලෙස)

19 වන සියවසේ මැද භාගයේ සිට මැයි 1 වන දා යනු සාමාන්‍ය නිවාඩු දිනයකි. එය මැයි දිනය ලෙස හදුන්වනු ලබයි.එයට කිසිදු ආගමික හෝ දේශපාලනමය සම්බන්ධයක් නොතිබිණි.නමුත් අවාසනාවන්ත අයුරින් 20 වන සියවසේ මැද භාගයේදී කොමුනිස්ට්වාදීන් විසින් මෙම සාමාන්‍ය නිවාඩු දිනය “කොමියුනිස්ට්වාදී කම්කරු දිනය” ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට සැරසිනි. (කොමියුනිස්ට්‍වාදී මතවාද ප්‍රචාරය කිරීමේ අරමුණින්)

මෙලෙස කොමියුනිස්ට්වාදී මතවාද කම්කරුවන් හට දීර්ඝකාලීන හා අයහපත් බලපෑම් ඇති කළ හැකි බව අවබෝධ කරගත් XII වන පියුස් පාප්වහන්සේ පූර්වගාමියා ලෙස ශු. ජුසේ මුනිදුන් ඔසවා තබමින් කම්කරු භූමිකාව ඉහළ තලයකට ඔසවන ලදී.

1955 දී XII වන පියුස් පාප්වහන්සේ මැයි 1 වන දින කම්කරු ජුසේ මංගල්‍ය ස්ථාපිත කරන ලදී.

“ඔබ වෙත අප මෙය ප්‍රකාශ කරනුයේ ඉමහත් සතුටිනි. එනම්, කම්කරු ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය මැයි පළමුවැනිදා ලෙස නම් කරමින් එය ස්ථාපිත කිරීමට අප තීරණය කර ඇති බවත්, ඒ අනුව එය දැන් ක්‍රියාත්මක වන බවත්ය. ප්‍රිය කම්කරුවෙනි, අපගේ මෙම දායාදය ඔබ සතුටින් පිළිගන්නවාද?

නාසරෙත්හි විසූ නිහතමානී කම්කරුවා, දෙවියන් වහන්සේ ඉදිරියෙහිත් සභාව ඉදිරියෙහිත් තම දෑතින් වෙහෙසී වැඩ කරන මිනිසාගේ උදාරත්වය මූර්තිමත් කරනවා පමණක් නොව, ඔබගෙත් ඔබගේ පවුලෙත් නිරන්තර සුපරීක්ෂකයා හා භාරකරු වන බැවින්, ඔබ එය සතුටින් පිළිගන්නා බවට අපට නිසැකය.” [XII වන පියුස් පාප්වහන්සේ]

” ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිදාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න” [ කොලොස්සි 3:23]

ශු. ජුසේ මුනිදුනි, අප උදෙසා යාච්ඥා කළ මැනව!

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *