හරවා කන් ඔබගේ පිළිතුරු දෙනු සමිඳේ
ගැත්තා අසරණයා හිඟකම් අඳුනන්නා
පණ මගෙ රැකැ ගන්නේ ඔබෙ හිතවතා අනේ
ගැත්තා ගලවන්නේ හේ ඔබ අදහන්නේ

පුන ගැයුම:

පෙන්නා දෙනු මට සමිදාණෝ
යන්නට ඔබෙ හරි මග දිග’ නේ //

මගෙ දෙව්සුරු ඔබනේ – මට කරුණා වන්නේ
දිගටමැ දවස පුරා – සිටිනෙම් ඔබට’ඬඟා
ඔබෙ ගැතුනට සමිඳේ – තොස වඩවා දෙන්නේ
ඔසොවම් ඔබට මගේ – අත් බව සමිඳානේ

ඔබෙ හද උණුවන්නේ – කරුණාවෙන් පිරුණේ
උදහස ඔබ සමිඳේ – නෑ නෑ දක්වන්නේ
දයාව උතුරන්නේ – ඇත්තේ ඉසුරානේ
මා වෙත හැරී බලා – මට දක්වනු කරුණා

ඔබෙ දැස්සගේ පුතා – දිරි ගන්වා ගලවා
ඔබගේ පිය ඇලුමේ – ලකුණක් මා සඳහා
මගෙ සතුරන් හට පා – උන් විළියෙන් පුරවා
ඔබ මා සනසන්නේ – වනු මට පිළිසරණේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *