සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ //

තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ

තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගෙයි //

දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *