මල් පහන් පුදා පුදසුනේ තබා
මගේ හදේ සෙනෙහස මා ඔබට පුදනෙමි
සුහද සැවොම හා
මා අත්බව මගේ බවයි
මා සැනසෙන ආදරයයි
මා හද දිනු සෑම සුහදො
පූජාසනේ ඔබට පිදෙන්නේ //
මිනිස් උපත මා හට දුන්
පෙමැති අම්මා මගේ පියා
එක කුසහොත් සොහොයුරු කැළ
පූජාසනේ ඔබට පිදෙන්නේ //
කතා කරන වචන උගත්
ලියන කියන ශිල්ප දුන්න
උගත් දැහැමි ඇදුරු හවුල
පූජාසනේ ඔබට පිදෙන්නේ //