හද පත්ලෙන් මගෙ එයි උතුරා මේ
කතා පුවත අගනා
පවසම් රජුනට කවි බසින් මගේ
රචනේ යසට ගොතා
පන් හිදෙකින් මෙන් දිවෙන් මගේ ඒ
සුරුවට ලියැවෙනවා සුරුවට ලියැවෙනවා
පුන ගැයුම:
රජසුනො බේ දෙව්සුරුණේ
සදහට ඒ පවතින්නේ //
ඔබ වෙති අති රූබර සම්පතියෝ
මිනිස් පුතුන් අතරේ
ඔබ තොල් මතුපිට වගුරනු ලැබුයේ
පහන් වරම් ආසී
එහෙයින් ඔබ පිටැ සදහට සුරිදෝ
සෙත් ආසිරි පැතුවෝ සෙත් ආසිරි පැතුවෝ
කඩුව ඔබේ ඉණ වටැ බැදැ ගන්නේ
තෙද බලවතාණනේ
තෙද ඔදින් වැඩී, අසු පිටේ නැගී
යනු දියකුරු ගමනේ
ඇත්ත, දැහැමි බව, සදෑව සඳහා
යනු දෙස් දෙන්න හිතා යනු දෙස් දෙන්න හිතා