මගෙ හද සමිඳුන් වෙතට ඇදේ
එතුමන් තුළ ජීවනය ඇතේ
සැනසුම නිති සැප දෙවිඳු වෙතේ
කවදා එතුමන් දැක ගන්නේ

ගලන දියට ආශාවෙන් පෙළෙන මුවකු ලෙසින්
දෙවියනී මාගේ ආත්මය ඔබ වෙත ඇදී එන්නේය

ජීවමාන දෙවියන් කෙරෙහි
මාගේ ආත්මය පිපාසයෙන් පෙළෙන්නේය

මට කවදා දෙවිඳුන්ගේ මුහුණ
දැකගන්නට ලැබෙන්නේද

දෙවිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න
මම තවම ගැළවුම්කාර දෙවිඳුන්ට ප්‍රශංසා කරමි

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් මහිමය වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *