පුන ගැයුම :
යනවා ආයෙත් මා එනවා
සූදානම් කැරැ තැනක් මගේ
පියාගේ සග රජ දහනේ
ගෙනැ යන්නට ඔබ කැඳවා
ආයෙත් මා එනවා

අසා මෙ බස් ඔබගේ සමිඳේ
කාට හැකිද ඉන්නට ඉවසා
මේ හැටි අප ගැනැ හිතා හිතා
මහ පුදුමේ ඔබ ඉන්න නියා

ඔබ එන තෙක් අප තනි කැරලා
යන්නට හිතුවේ නෑ සමිඳේ
සැනසිලි දායක සුදතුන් දෑ
අපට උදව්කරු ලෙසැ එව්වේ

දවස පැයත් ඔබ නෑ කීවේ
සැරසී සිටිනට හැම මොහොතේ
ඇයි අප සිත් මේ පැකිළෙන්නේ
අදහමු සමිඳුන්ගේ වචනේ

ඉක්මන් කැරැ එමි ඔබ කියනෝ
වඩිනු මැනව සමිඳේ සමිඳේ
යන්නට ගමන’ප අවසානේ
මොහොතද දැන් දැන් ළඟැ එන්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *