යක්ෂාවේශ වීම (Demonic Possession) යනු සැබෑ අධ්‍යාත්මික යථාර්ථයක් ලෙස ශු. සභාව පිළිගන්නා අතර, එය අශුද්ධාත්මයන් විසින් පුද්ගලයෙකුගේ ශරීරය අත්පත් කර ගැනීමයි. මෙවැනි තත්ත්වයකට පත්වීමට යම් යම් හේතු සාධක බලපාන බව කතෝලික දේවධර්මයේ සහ exocism වලට අදාළ අත්දැකීම්වලින් පෙන්වා දෙයි.
මේවා බොහෝ විට පුද්ගලයාගේ අධ්‍යාත්මික දුර්වලතාවයන්, නිදහස් කැමැත්ත වැරදි ලෙස භාවිතා කිරීම හෝ පිටතින් එල්ල වන බලපෑම් මත පදනම් වේ.
1. බරපතල පාපයේ ගැලී සිටීම සහ අධ්‍යාත්මික දුර්වලතා
අධික ලෙස පාපයේ ගැලී සිටීම යක්ෂයාට බලපෑම් කිරීමට “දොරටු” විවර කරන බව කතෝලික ඉගැන්වීම් වල සඳහන් වේ. මෙය පුද්ගලයෙකුගේ “අධ්‍යාත්මික ප්‍රතිශක්තිය” දුර්වල කරන අතර, ඔවුන්ව යක්ෂයාගේ ප්‍රහාරයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි තත්ත්වයකට පත් කරයි.
- මරණීය පාප (Mortal Sins) ලෙස සැලකෙන අධික මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය, ලිංගික දුරාචාරය, ඝාතනය, වෛරය, ඊර්ෂ්‍යාව, මෙන්ම පුනරාවර්තන සුළු පාපයන් පවා පාපයන් බව දැන දැනම සිදු කිරීම වඩා බරපතලය. මෙසේ පුද්ගලයා අධ්‍යාත්මිකව දුර්වල වනු ලබයි..
- යාච්ඥා නොකිරීම, සක්‍රමේන්තු නොලැබීම (විශේෂයෙන් පාපොච්චාරණය සහ ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ), සහ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල දුර්වල වීම අධ්‍යාත්මික ආරක්ෂාව බිඳ දමයි.
- බලාපොරොත්තු සුන්වීම සහ අත්හැරීම වැනි දෙවියන්ගේ කරුණාව හෝ තමාගේ ගැළවීම ගැන බලාපොරොත්තු සුන්වීම යක්ෂයාට පුද්ගලයාගේ මනසට පහසුවෙන් ඇතුළු වීමට ඉඩ සලසයි.
2. යක්ෂයාට සෘජුව හෝ වක්‍රව දොරටු විවෘත කිරීම
මෙය යක්ෂාවේශ වීමට බලපාන ප්‍රධානතම හේතුවක් ලෙස සැලකේ. පුද්ගලයෙකු දැනුවත්ව හෝ නොදැනුවත්ව යක්ෂ බලවේග සමඟ සම්බන්ධ වීම මෙයට ඇතුළත් වේ.
මායා කර්ම සහ ගුප්ත ක්‍රියාකාරකම්
- black magic, හූනියම්, වාස්තු විද්‍යාත්මක මායා කර්ම,යක්ෂ බලවේග කැඳවීමට හෝ අන් අයට හානි කිරීමට අරමුණු කරගත් ක්‍රියා.
- Ouija Board, ටැරෝට් කාඩ්පත්, පේන කීම, ආත්ම කැඳවීම යක්ෂයන් සමඟ සෘජු සන්නිවේදනයක් ඇති කර ගැනීමට උත්සාහ කරන ක්‍රියා ලෙස සැලකෙන අතර, ඒවා හරහා යක්ෂයාට පුද්ගලයාට බලපෑම් කිරීමට අවස්ථාව ලැබේ.
- ජ්‍යොතිෂය සහ අධි මානසික ක්‍රියා( උදා.- third eye) විශ්වාස කිරීම හෝ භාවිත කිරීම යක්ෂ බලපෑම් වලට මාර්ග විවෘත කළ හැකි බවට කතෝලික පියතුමන්ලා අනතුරු අඟවයි.
සාතන් වන්දනාව සහ යක්ෂයා සමඟ ගිවිසුම
- යක්ෂයාට වන්දනාමාන කිරීම හා යක්ෂයා දෙවියෙකු ලෙස පිළිගෙන ඔහුට නමස්කාර කිරීම.
යක්ෂයා සමඟ ගිවිසුම් ඇති කර ගැනීම
- ධනය, බලය හෝ වෙනත් ලෞකික දේ ලබා ගැනීම සඳහා යක්ෂයාට තම ආත්මය හෝ යටත් වීම පොරොන්දු වීම. (මෙය බොහෝ විට සංකේතාත්මක වුවද, අධ්‍යාත්මිකව දැඩි බලපෑමක් ඇති කළ හැකිය).
අධික මානසික අවදානම
- බරපතල කම්පනයකට (trauma) ලක්වීම, අධික ශෝකය හෝ මානසික බිඳවැටීම් වැනි අවස්ථාවන්හිදී පුද්ගලයාගේ මානසික ශක්තිය දුර්වල විය හැකි අතර ඒ හරහා අධ්‍යාත්මයද දුර්වල වේ , එබැවින් යක්ෂයාට බලපෑම් කිරීම පහසු විය හැකිය.
3. ශාප සහ පරම්පරාගත බලපෑම්
සමහර අවස්ථාවලදී, යක්ෂ බලපෑම් පවුලක හෝ පරම්පරාවක පැරණි ශාප හෝ පව්කාර ක්‍රියාවන් හේතුවෙන් ඇතිවිය හැකි බව කතෝලික ඉගැන්වීම් වල සඳහන් වේ.
- පවුලේ සාමාජිකයෙකුගේ ක්‍රියා – පවුලේ පෙර සාමාජිකයෙකු යක්ෂ බලවේග සමඟ සම්බන්ධ වීම හෝ බරපතල පාපයකට සම්බන්ධ වීම හේතුවෙන් ඇතිවන බලපෑම්.
- පුරාණ ශාප – පවුලකට හෝ පුද්ගලයෙකුට එල්ල වූ ශාපයක් හේතුවෙන්.
කෙසේ වෙතත්, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණයෙන් සියලු ශාප අහෝසි වන බව කතෝලිකයන් විශ්වාස කරයි.
4. වෙනත් පුද්ගලයෙකුගේ බලපෑම්
අශුද්ධාත්මයකට ආවේශ වූ හෝ දැඩි ලෙස යක්ෂ බලපෑම් වලට ලක් වූ අයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීමද සමහර විට යම් බලපෑමකට හේතු විය හැකිය.
යක්ෂාවේශ වූ පුද්ගලයන් සමඟ සම්බන්ධතා
- යක්ෂාවේශ වූ පුද්ගලයෙකු සමඟ සමීප ඇසුරක් පැවැත්වීමෙන්, එම පුද්ගලයාටද බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පවතී. කෙසේ වෙතත්, මෙය සාපේක්ෂව දුර්ලභය.
වැදගත් සටහන්
අධ්‍යාත්මික නිදහස් කැමැත්ත
- යක්ෂයාට කිසිවිටෙකත් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත මුළුමනින්ම උදුරාගත නොහැක. යක්ෂාවේශයක් සිදුවීමට පුද්ගලයාගේ යම් ආකාරයක කැමැත්තක් හෝ ඔවුන් විසින් විවෘත කරන ලද “දොරටුවක්” අවශ්‍ය වේ.
දෙවියන් වහන්සේගේ අවසරය
- කතෝලික දේවධර්මයට අනුව, යක්ෂයාට කිසිදු පුද්ගලයෙකුට බලපෑම් කළ හැක්කේ දෙවියන් වහන්සේගේ අවසරය ඇතිව පමණි. මෙය බොහෝ විට සිදුවන්නේ පුද්ගලයා අධ්‍යාත්මිකව ශක්තිමත් කිරීමට හෝ යම් පාඩමක් ඉගැන්වීමට යැයි විශ්වාස කෙරේ.
යක්ෂාවේශ වීමේ අවදානම අවම කර ගැනීම සඳහා, කතෝලික පල්ලිය සැමවිටම අධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීම, සක්‍රමේන්තු ලබා ගැනීම, යාච්ඥා කිරීම සහ පාපයෙන් ඈත් වීම දිරිමත් කරයි. දෙවියන් වහන්සේගේ කරුණාව සහ ආරක්ෂාව සැමවිටම තම දරුවන් සමඟ පවතින බව කතෝලික අපගේ විශ්වාසයයි.