වැටි වැටි මා යළි යළි නැගිටින විට
මගෙ අත ගෙන මඟ පෙන්නූවා
විඩාව මගෙ සිත සසල කරන විට
දිරිය දෙවන සිතුවිලි එව්වා

සමිඳේ සමිඳේ මා මඟ සලකුණ ඔබවේ
සමිඳේ සමිඳේ මා දිවිය සවිය ඔබවේ

තණ්හා කාමය දෑස වැසූ විට
සැබෑ සතුට මට පෙන්නූවා
ජීවිත අරමුණ නොපෙනී යන විට
එළිය දෙවන ඔසුවක් වූවා

සමිඳේ සමිඳේ මා සැපත සතුට ඔබවේ
සමිඳේ සමිඳේ මා දිව්‍ය ඔසුව ඔබවේ

නැති බැරිකම මා මිරිකා සිටි විට
මිනිස් වෙසින් සරණය වූවා
මිතුරන් මා අත් හැර තනි කළ විට
ඔබ මා ළඟ සිට සැනසූවා

සමිඳේ සමිඳේ මා සරණ සදා ඔබවේ
සමිඳේ සමිඳේ මා නිති සැනසුම ඔබවේ
සමිඳේ සමිඳේ මා මඟ සලකුණ ඔබවේ
සමිඳේ සමිඳේ මා දිව්‍ය ඔසුව ඔබවේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *