පුන ගැයුම :
තෙල් මල් සුවඳ සඳුන්
දෝත පුරා ගෙනෙමින්
බැතියෙන පුදසුන මත තබමින්
පුද දෙමු පඬුරු ලෙසින්

අප මුළු දිවිය පුරා දැරු දුක් කඳුළු තබා
මේ කුසලානෙන් ඔබට පුදන්නට
ගෙන එමු පඬුරු ලෙසින්

ලොව යස ඉසුරු දිනා විඳි සුව සතුටු සිනා
යළි ඔබ අතටම නතුකර දෙන්නට
ගෙන එමු පඬුරු ලෙසින්

අප හා අප සතු දේ දෙවිඳුනි ඔබට පිදේ
ඔබ දෙවි බව තුළ පිරිපුන් වන්නට
දෙනු මැන අපට වරම්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *