tharsiyas munithuma

ශු. තාර්සියස් මුනිතුමා

  • අරක්ගත් මුනිවරයාණෝ: ප්‍රථම වරට සත්ප්‍රසාද ලබන දරුවන්ගේ
  • මංගල්‍ය දිනය : අගෝස්තු 15
  • ආයු කාලය : 3 වන සියවස
  • රට හෝ ග්‍රාමය : රෝමය

1 වන ශු. ඩැම්සියස් පාප්තුමා (366-384) ප්‍රාණ පරිත්‍යාගීවරුනට විශේෂ තැනක් දුන්හ. එසේම පිරිමි, ගැහැණු, ළමා සාන්තුවරයන්ගේ විශ්වාසය, ආදර්ශයක් ලෙස පෙන්වා දුන්හ.

එතුමා ම ප්‍රාණ පරිත්‍යාගීවරුත් 60 දෙනෙකු ගැන විස්තර ලියු අතර ශු. තාර්සියස් තුමා එතුමන්ලා අතර කෙනෙකු විය. මෙම පාප්තුමාට අනුව ශු. තාර්සියස් තුමා පුජා සහයක නව යොවුන් වියේ දරුවෙක් විය. එහෙත් වයස සඳහන් කර නොමැත.

මෙම තේවාව පුජක දිවියට ඇතුළු වීම සදහා ලබන්නා වූ එක් වරයකි. මෙතුමා සිරකදවුරු වල සිටින ක්‍රිස්තියානීන් වෙත දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගෙන ගියේය. එකල එය ඉතා භයානක කාර්යයක් විය. නව යොවුන් වියේ දරුවකු වූ ඔහු ගැන රෝම හේවායින් සැක කරමින් පරික්‍ෂා කරන්නට වන්හ.

වරක් රෝම පවුරෙත් එපිට වූ අප්පියත් මාවතේ තාර්සියස් ගමන් කරන විට මිත්‍යා දුෂ්ටින් පිරිසක් මුණ ගැසින. එතුමා තම ඇඳුම් වල සඟවා ගෙන යමක් ගෙන යන බව සැක කළ ඔවුන් එය පෙන්වන ලෙස ඉල්ලීය. නැවත නැවත ඉල්ලුවද එතුමා එය ප්‍රතික්‍ෂේප කළේ තමා සිරකරුවන් සඳහා ගෙන යන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සුරැකිව තබා ගැනීම සදහාය.

ඔවුන් එතුමාට පහර දී සෙව්වත් කිසිත් සොයාගත නොහැකි විය. ඔවුන් ඔහුව මරණයට පත්කළ විට රෝමයේ විසු ක්‍රිස්තියානිවරු එතුමාව අප්පියා මාවතේ ඇති සා. කැලිස්ටස් කැටකුම්බි එකේ භුමදාන කරන ලදී.

කුඩා තාර්සියස්ට පහර දීම
කුඩා තාර්සියස්ට පහර දීම

සිය වසර ගණතකට පසුව දිව්‍ය සත්ප්‍රසාදය වෙනුවෙන් පණදුන් එතුමාගේ ශු. ධාතු කැපිටෙ හී සා. සිල්වෙස්තර දෙව්මැදුරට ගෙන එන ලදී.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි