සුර සෙන් බළ පිරිසේ සමිඳේ
කොපමණ අගේද නිවෙස ඔබේ
මගෙ අත් බව ඔබ සොයා හැපේ
ඔබගේ මණ්ඩපේ නිසා තැවේ

පුන ගැයුම:
ඔබ වෙති මගෙ රජිදෝ
වෙති ඔබ මගෙ දෙවිදෝ

මගෙ රජීඳේ මගෙ දෙව් සුරුණේ
ඔබගේ නිවහනෙ ඉන්න දනෝ
වෙති පින්වත්හු උ තුමුහූ
සදහට ඔබ පසසා ඉන්නෝ

ඔබගේ මණ්ඩපේ ඇසුර ලබා
ඉන්නා මට එක දිනක් හොඳා
වෙන තැන දින දහසකට වඩා
වෙසෙස ගනිමි ඔබෙ නිවස මෙදා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *