පවට නැමුනු අප වෙතැ මෙත් පෑ
පෙම් කරුණාබර පියාණනී
මෙ පඬුරු පිළිගෙන අමිල පඬුරු ඔබ
පුතු හා අප වෙත වඩිනු මැනේ

ආදරයෙන් අප එක්වීලා
කරුණා ගුණ ඔබ පසසාලා
ගැති අප පව් ගැන දුක්වීලා
පඬුරු පුදමු අපි සැනසීලා

අප ආදර මව්බිම උදෙසා
එහි වසනා සැම දන උදෙසා
පාලන කරනා අය උදෙසා
යදිමු අසිරි මේ සැම උදෙසා

අපට ද අප ආදර සැමටා
අප පවුලේ සියලුම දෙනටා
මුළු ලොව අසරණ දනන් හටා
දෙනු මැන ආසිරි සැම දනටා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *