සමිඳුනි ඔබෙ පෙම් කරුණා පා
ඔබෙ නෙත් අප වෙත යොමු කරලා
අසරණ අපහට සරණ වෙලා
සැම නපුරෙන් ගැලවීම දෙවා

ස්වාමිනී මාගේ හද පත්ලෙන් ඔබට මොර ගසමී
ස්වාමිනී ඔබ අපගේ අයහපත් කම් ගණන් ගන්නා සේක් නම් කා හට ජීවත් විය හැකිද

මම ස්වාමින් වහන්සේ කෙරෙහිබලාපොරොත්තුවෙන් සිටිමී
උන්වහන්සේගේ වචනය මම විශ්වාස කරමී

මක්නිසාදයත් ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පාව ඇත්තේය
උන්වහන්සේ තුළ ගැලවීමේ සම්පූර්ණත්වය ඇත්තේය

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් නිරතුරුත් ප්‍රශංසා වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *