556. සමරා බැතින් ලද ආසිරි
සමරා බැතින් ලද ආසිරි
සමිඳුන් ගුණ ගයමු මෙලෙසේ
ඔල්වර නඟව් පැසසුම් කරව්
තුති ගී ගයමින් මෙලෙසේ
තුති ප්‍රශංසා ////
හද වේදනා ගිනිදැල් නිවා
ජීවය ලබාදුන් සමිඳා
පසසව් නිතින් බැති ගී දමින්
විහිදා මුව සැමා සතොසින්
තුති ප්‍රශංසා ////
දිවි මං තලේ තනි වූ කලේ
අප අත් නොහරිනා සමිඳා
සදහම් සිතින් තුති ගී දමින්
ගයමු පසස ගී අදරින්
තුති ප්‍රශංසා ////
අප ජීවය යි අප ශක්තිය යි
සමිඳුන් සිඳ හෙලූ සිරි ලේ
සුව ලත් සිතින් පැසසුම් හදින්
එක් වී ගයමු තුති මෙලෙසින්
තුති ප්‍රශංසා ////