sabath dinaya

සබත් දිනය

|

සබත් දිනය සදහා යෙදෙන හෙබ්‍රෙව් වචනය වන්නේ “ශබට්” (Sabbat) ය. එය ඇසිරෝ-බබිලෝනියන් වචනයක් යයි සමහර විශාරදයන් පවසයි. එහි ශබට්ටු යන්නෙන් බිදී එන්නේ එහි මූලික අර්ථය වන වැඩවලින් නිවාඩු ගැනීමයි.

එය දස පණත තුළ (නික්මයාම 20/8-11, ද්විතීය 5/12-15 හි සදහන්) සදහන් වන අතර එය කඩ කරන්නන්ට මරණ දඩුවම දිය හැකිය. (නික්මයාම 31/14-15)

ඉශ්‍රායලයේ පැරණිතම සම්ප්‍රදායක් අනුව , එය නිවාඩු දිනයකි. (නික්මයාම 34/21) එදින දෙවියන් වහන්සේට කැප කර ඇත.

පංච පුස්තකය තුල සබත

මෙය පංච පුස්තකය තුළ ඇති දේව ධාර්මික සම්ප්‍රදායන් හතර වන J , E , D , P තුළින් විවිධ අර්ථකථන සපයයි.

  1. නිවාඩු ගත යුතු දිනයකි. (J සම්පුදාය – නික්මයාම 34/21)
  2. වැඩවලින් නිවාඩු ගන්නා දිනයකි. (E සම්ප්‍රදාය – නික්මයාම 20/10-11)
  3. මිසර වහල් බැම්මෙන් නිදහස් කිරීමේ දිනයකි. (ද්විතීය 5/13-15)
  4. දෙවියන් වහන්සේ හා ගිවිසුමේ සම්ප්‍රදායකි (නික්මයාම 31/12-17)

දෙවන දේව මාළිගාව සමයේ (ක්‍රි.පූ 313- ක්‍රි.ව70) සබත් දිනයේ කල නොහැකි කාර්යයන් ලේඛන ගත විය. රබ්බි ජුදා නැමැත්තා මිෂ්ණා ලේඛනවල සබත් දවස ගැන වූ නීති එක් තැන්කොට “ෂබාත්” නැමති ලේඛනයක් සකස් කළේය.

එසේම පසු කාලීන වාචික නීති යැයි දැක්වූ කොටස්ද එහි අන්තර් ගත කරන ලදී. මෙය පරිච්ඡේද විසි හතරකි. මෙම ලේඛනය තුළ නොකළ යුතු කාර්යයන් 39 ක් යොදා තිබේ.

එහි අන්තර්ගතය;

  1. ගිනි දැල්විය නොහැකි ය. (නික්මයාම 35/3)
  2. බර ඉසිලිය නොහැක. (ජෙරමියා17/21-22)
  3. ගමන් බිමන් යා නොහැකි ය. (යෙසායා 58/13,නික්මයාම 16/29,ක්‍රියා1/12)
  4. වැපිරීම හා නෙලීම තහනම්ය. (නික්මයාම 34/21)

එහෙත් සබත් දිනයේ යාග පූජා කළ හැකි විය. (ගණන් 28/9-10,ජොහාන් 7/22-23)

නව ගිවිසුම් සමයේ එය නිවාඩු දිනයක් පමණක් නොව නමස්කාරය සදහා දේව වාක්‍යය පිළිවෙත සදහා ධර්ම ශාලා වල රැස් වන දිනයකි. එස්සින සංඝය තුල සබත් දිනයේ බොහෝ කාර්යයන් කළ නොහැකි විය.

ටෝරා වව්‍යවස්ථාව දක්වා ඇති ජුදෙව්වරුන්ගේ ශුද්ධ දවස් වන ,

  • සබත්
  • පෙසහ්
  • ෂවුත්
  • රෝෂ් හෂානා
  • යොම්කිප්පුර්
  • සුකොත් උත්සව දවස් අතුරෙන් සබත් පමණක් සදහන් ය.එය එතරම් වැදගත් නැත. නමුත් නිතර හමුවේ.

විශේෂතම කරුණ නම් ඇතැම් මූලධර්මවාදී සභා සබත් දිනය ගැන සදහන් කර කතෝලික සභාව විවේචනය කරති. ඒ ඔවුන් සබත පරිසිවරුන් මෙන් විකෘති කර ඇති නිසාය.

“බලන්න හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.” (යෙසායා 66:23 NRSV)

බලන්න, මෙහි සබත් දින හා අමාවක දින සදහන්ව ඇත. 2රාජාවලිය4/23, යෙසායා 1/13, 2වංශාවලිය 2/4, 1වංශාවලිය30/31 සදහන් දේ ඔවුන් උවමනාවෙන්ම තමන්ට අවශ්‍ය ලෙස අයින් කර ඇත.

ඉහත පාඨ අනුව සබත් දිනයේ පමණක් නොව අමාවක දිනයේද නමස්කාර කෙරිණි.

අමාවක (New moon)

යෙසායා 1/13 දක්වන “අමාවක උත්සව දා” (හොඩෙෂ් ) යන යෙදුමෙන් අදහස් කරන්නේ අළුත් සද පෙනෙන දවස හෙවත් හැම චන්ද මාසයකම පවත්වන උත්සවයකි. (ගණන් 28/11-15) මෙම දිනය ස්වාමින්වහන්සේ සදහා විශේෂයෙන් කැපවූවකි. හොරණෑ පිඹ (ගණන් 10/10) දවස කැප කරන ලදී.

මෙම උත්සවය සදහා සාමාන්‍යයෙන් කරන වැඩ නතර කල යුතුය . අවුරුද්දේ හත්වෙනි මාසයේ මෙම උත්සවය වැදගත් විය. (ලෙවී ව්‍යවස්ථාව 23/24-25)

සබත් දිනය සතියේ හත්වන දිනය නමුත් අටවන දිනයද එකල වැදගත් විය. එය සමහර මූලධර්මවාදී සභා වසන් කරයි.

බලන්න, “අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය. (ගණන් කථාව 29:35 NRSV) (ගණන්6/10-11, එසකියල් 43/27) බලන්න .

එහෙත් ව්‍යස්ථාවට අනුව සබත ලකුණක් පමණයි. “නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි.

මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි.” (නික්මයාම 31:13 NRSV)

මෙය මුලධර්මවාදින් සගවති. එහෙත් ඔවුන් නොදන්නා දෙය නම් සබත බොහෝ කලක් තිස්සේ පරිණාමය වන බවය.

හොදම උදාහරණය ජේසුතුමා පරිසිවරු සමග සබත පිලිබදව සංවාද කලේ ඇයි ? ජේසු තුමා සබත කැඩු කෙනෙක් ලෙස ඔවුන් ජුදා අධිකරණයේ චෝදනා කලේ නැත. ජේසුතුමාගේ ජීවිතයේ උතුම් දේ වන “මරණින් උත්ථානය” සිදු වූයේ සබත් දිනයකදී නොවේ.

ශුද්ධාත්මයාණන් වැඩම කිරීම සිදු වූයේද සබත් දිනයක නොවේ. මුල් සභාව පූප කඩන ලද්දේද සබත් දිනයක නොවේ.මේ හැම දෙයක්ම සිදු වූයේ සබත් දිනයක නොවේ ඉරිදාය. ඒවාගේම පුරාණ ගිවිසුමේ සබත් දවස කඩ කිරීම මරණයට හේතු විය. නව ගිවිසුමේ අපිට ඒ පිලිබදව එසේ නොවන වග මූලධර්මවාදීන් නොදනිති.

“බලන්න එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.” (කොලොස්සි 2:16 NRSV) යන ශුද්ධ ලියවිලි පදය සිතිය යුතුය මුළා නොවන්න.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි