පුදසුනක් ඇත යාග පුදන්නට
බිලි පඬුරක් ඇත යාග කරන්නට
මිහිතලයයි මගෙ පුදසුන වන්නේ
ශ්‍රමය දුක සැප බිළි පඬුරයි වන්නේ //

ඔබ ස්වරූපෙට අපව මවාලා
පැතිර වැඩෙන්නට නියෝග කරලා
පොළොවේ අධිකාරිය ලැබු අප සැම
කුමක් පුදදෙමු මැවිල්ලම මිස

ශ්‍රමය හෙළලා මවන නිපැයුම්
වෙහෙස නොබලා නගන සිතුවම්
නන් ලෙසින් ලොව එළිය කරනා
සැමදේ පුදදෙමු යාග විලසින්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *