පෙන්වනු පෙන්වනු මට දෙවිදේ
ඔබෙ කරුණාබර කඳ මහිමේ
මගෙ අත් බව ඔබ ළඟ ඇසුරේ
සොයා ගනී ඔබෙ රැකවරණේ

පුන ගැයුම:
ආකාසේට වඩා
උසිනො’බ වැජබෙත්වා
ඔබෙ යස දෙවිඳාණෝ
පැතිරේ දෙරණ පිටේ

සොයමි සොයමි ඔබෙ තටු සෙවණේ
ඒ මගෙ පිළිසන් තැන වන්නේ
ගෙවී නොයන තුරු විපත් විනේ
සිටිමි සොයා ඔබෙ පිළිසරණේ

මහ උතුමාණන් වන දෙවිඳේ
මගෙ පරමත් දෙවිසුරාණනේ
මට යහපත සලසුවාණනේ
ඔබට අඩගා මම් සිටිමි අනේ

උගුලක් මා ගන්නට ඇටවූ
මගෙ අත් බව ඌ තුමූ මැඩු
මා දමනට වළකුත් හෑරූ
යෙත්වා ඒ වලැ වැටී උහූ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *