මොනව ගෙනෙන්නද මොනව පුදන්නද ඔබ හට දෙවි සමිඳේ
කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පෙම්බර දෙවි සමිඳේ

පාපි වූ අප අත දුර්වලකම් ඇත ආදර දෙවි සමිඳේ
ඔබගෙන් අප ලද අප ජීවිත සැම ඔබට පුදමි සමිඳේ

පූපය මිදි රස ඔබ හට පුදනෙමි ආදර දෙවි සමිඳේ
අප ජීවිත සැම සලකුණු කර එය ඔබට පුදමි සමිඳේ

අප හැම කැටි කර එකට එකතු කර පුදනෙමි දෙවි සමිඳේ
ඔබේම පුතු වූ කිතු සමිඳුන් අප හට දෙනු මැන සමිඳේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *