180. කොපමණ රස වෙතිදෝ සමිඳෝ

|

කොපමණ රස වෙතිදෝ සමිඳෝ
දනිව් බලා එතුමා
කොතෙකුත් රස විඳැලා , විඳැලා
දනිව් බලා එතුමා

හිමිපාණන් මම් හැම කල දවසේ
සිටිම් පසස පසසා
එතුමන් වරුණේ ඇත මගෙ දෙතොලේ //
සදාකාලෙ තිස්සේ

උදමින් පිපෙමින් හිමි සඳුන් කෙරේ
මගෙ අත් බව තුසිනේ
බැගෑ සිතැත්තෝ අයා නමා කන් //
සතුටු සිතින් දැපෙනෝ

සිටිව් වනා හිමිපාණන් මහිමේ
මා හා එකතුවැලා
පසසමු අපි හැම සභා සමළු වී //
එතුමන් නමට නමා

හෙව්වා හෙව්වා මා හිමිපාණන්
පිළිතුරු මට ලැබුණා
මගේ සියලු තුති ගැන්වීමේදී //
එතුමෝ මා මිදුවෝ

බලන්නැ එතුමන් දෙසැ නෙත් විහිදා
උදුලින් පිපී පිපී
මුහුණ ඔබේ හෙම නෑ හැකිළෙන්නේ //
ලජ්ජාවට පත් වී

මේ හා සම්බන්ධ වෙනත් ලිපි