දයා ගුණ කඳේ සමිඳාණන්ගේ
සතත කල්හි ඒ පවතින්නේ
ආලේලූයියා ආලේලූයියා

සමිඳුන් ගුණ කඳක් නිසා සිටිව් තුති පුදා
දෙව්වරුන්ගේ දෙවිඳුන් හට සිටිව් තුති පුදා
හිමිවරුන්ගේ සමිදෝ වෙති සිටිව් තුති පුදා
එතුමන් ඇරැ විස්කම් පෑ කෙනෙක් නැත කෙදා

අහස් කුසේ එතුමන් නැණ මහිමෙන් සැදුවෝ
මුහුදු පතුලෙ පොළව තරයෙ පිහිටුව ලූවෝ
මහා එළිය මණ්ඩලයන් එතුමෝ මැව්වෝ
හිරුට දවල හඳ තරු හට රෑ පැවරූවෝ

අප සතුරන් අතින් අපව උදුරා ගත්තෝ
පණ ඇති හැම සතුන් හටම අහර සැපෙව්වෝ
සග වැසි අප දෙව් සුරුනට නමවී තුති පුදා
එතුමාණන් දයාව නිති කල්හි පවත්නා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *