523. ජීවිතය ද අප සතු සැම දේ
පුන ගැයුම
ජීවිතය ද අප සතු සැම දේ
දෙවිඳුන්ගෙන් ලැබුවේ
ඒ වෙනුවෙන් දෙවිඳුන් පැතුවේ
ආදරය යි අපගේ //
කල්වාරිය මත කිතු හිමි යාගය
සමරණ මේ මොහොතේ
අප දිවි පඬුර ම තිළිණ කරන්නට
වර දෙනු මැන දෙවිඳේ
ජන සෙත වෙනුවෙන් ඉටුවන සේවය
පඬුරකි දෙවි හමුවේ
සැමට ම සුබ සෙත උදා කරන්නට
වෙහෙසෙමු සොහොයුරනේ