බැති බරව පියුමක් වෙලා

|

බැති බරව පියුමක් වෙලා
ජීවිතය කඳුලින් පුදා
ප්‍රේමයෙහි යාගයට පුද වෙන්න මා සමිඳ
ඔබ අසල පැතුමක් කළා //

මේ යාගයයි – ඔබගේ
මේ යාගයයි – මාගේ
යාගයක යාගයයි මා දිවියේ යාගයයි
පිළිගන්න සමිඳේ මගේ //

සුසුමින් පෙළුණු ජීවිතේ
ඔසවන්නදෝ මා කෙසේ
කුරුසියම කරලාන
ඔබ අනුව මා එන්න
සැබවින්ම පැතුමක් කළා //

රන් රිදී නැත මා අතේ
පරවුනැයි මල් ජීවිතේ
පූපයට මිදි රසට
මා ගතයි මා ලෙයයි
මුහුවන්න පැතුමක් කළා //

සිඳ බිඳුණු සිත් යාවෙලා
ආදරයෙන් සැම එක්වෙලා
පූපයට මිදි රසට
සාමයේ පැතුම් මුසුව
පුද කරමු මේ නත්තලේ //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි