රන් රසින් රන් බසින් ලොවම පුබුදුවා
දෙව් පුතුන් මරි මවුන් කුසයේ බිහිවුනා
උකුලෙ නැලවුනා

සාමයේ කුමාරයෙක් ලොවට බිහිවෙලා
සුරදුතුන් සන්තොසින් රඟති තටු සලා
රඟති තටු සලා

සාමයේ උදානයයි මෙත් දයා ගුණේ
ප්‍රේමයේ නිධානයයි වේ අමා සුවේ
කිතු දහම් රසේ

සගපුරේ සුරනිඳුන්ට වේ මහිමය වේ
මේ ලොවේ සුසිත් දනා සාමයෙන් දිනේ
සාමයෙන් දිනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *