2 අහස ඔබේ මහිමේ පළකරයි දෙවියනේ
අහස ඔබේ මහිමේ පළකරයි දෙවියනේ
ගුවන් සතද අත්කම් එතුමන්ගේ වනන්නේ
එක දවසක් තව දිනකට පණිවුඩ දෙන්නේ
රැයෙක දැනුම තව රැයකට බෙදා හරින්නේ
අණ පනත් ඔබේ – සමිඳුනි හද පිනවන්නේ
දහම් නිය ඔබේ – සුරිඳුනි ඇස් පහදන්නේ
උඩගු වනු නොදී ඔබගේ දස්ස රකින්නේ
යට වන්නට ඊට මාව බාර නොදෙන්නේ
එවිටැ දොසින් මිදී ඉන්න මට හැකි වන්නේ
තවද මහා බර පාපෙන් මිදුම ලැබෙන්නේ