ලොව මැව් දෙවිඳුට පුදමින් පඬුරු
ගයමින් තුති ගී පුතුනට මිතුරු
මිදි රස පූප ද සමග මැ ඉසුරු
ඔබට පුදමි මේ තුති පඬුරු
පුන ගැයුම:
ගන්නැ පඬුරු ආදර දෙවිඳේ
අප දිවි හා එකටෙ’ක් කරලා
ගන්නැ පඬුරු ආදර දෙවිඳේ
ඉපැදුන හෙවනද රැදැවෙන මව් බිම
කිරි දී වෙහෙසී දැඩි කැලැ මව් පිය
එ කුසින් බිහිවුන මගෙ සොහොවුරු කැළ
පුදමි ඔබට ආදර දෙවිඳේ
රට ගම අද පාලක පුඟුලන් සැම
සිප් සත සැලසූ සොඳ ගුරු හිමි සැම
රට සරසන මිතු මිතුරියො ආදර
ඔබ පුදනෙමි ආදර දෙවිඳේ
ආදරයෙන් එක්රැස් වී සැමදෙන
ආදර හදකින් සැම හා යදිමින
අප සතු සැම දැය ඔබ වෙතැ අරැගෙන
පුදමි ඔබට ආදර දෙවිඳේ