අපෝස්තුලුවරුන්ගේ රාජේශ්වරියනි (දේවමාතා ප්‍රාර්ථනාව ඇසුරින් – 24 කොටස)
දේවමාතා ප්‍රාර්ථනාවේ තවත් එක් අයැදුමක් වනුයේ දෙව්මවුන් අපෝස්තුලුවරුන්ගේ රාජේශ්වරිය ලෙස හැඳින්වීමයි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් තෝරා ගනුලැබූ ශ්‍රාවකයන් අතර මරියෝත්තමාවගේ භූමිකාව කෙසේදැයි භාවනා කිරීමයි.
මෙය දෙව්මවුන් අරබයා පවතින ඉපැරණි බැතිය තුළ පවා විද්‍යාමාන වූවකි. පෙන්තකෝස්ත දින සේනාකුලු උඩු මහල් ශාලාවේ සිදුවූ ශුද්ධාත්ම ආගමනය අවස්ථාවේ අපෝස්තුලුවරුන්ගේ දූත මෙහෙවර ආරම්භ වූයේ මරියෝත්තමාවන්ගේ පූර්ණ මධ්‍යස්ථභාවය සමඟිනි.
ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු දේවමාතාවන් අපෝස්තුලුවරුන් හා සෙසු ශ්‍රාවකයන් සමඟ උඩුමහලේ රැඳෙමින් ශුද්ධාත්ම ආගමනය අපේක්ෂාවෙන් යාච්ඤා කළ බව අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොතේ අපට හමුවේ.
ඕතොමෝ අපෝස්තුලුවරුන් එකතු කරගනිමින් ඔවුන්ට මවක් වූ බව අපට අවබෝධ කරගත හැක. තවද ඒ තුළ එතුමියද එක්තරා ආකරයකින් අපෝස්තුලුවරියක් බව බොහෝ විශාරදයෝ පවසති.
මේ සියල්ල තුළ අපට හඳුනා ගත හැකි දේ නම් දේවමාතාවන් අපෝස්තුලුවරුන්ගේ රාජේශ්වරිය ලෙස නම් කිරීම ශු. බයිබලීය පසුබිමක් සහිතව ගොඩනැඟුණු ධර්මදූතික ජ්වලිතභාවය හා යාවූ විරුදාවලියක් බවයි.
මෙම බැතිය ප්‍රවර්ධනයෙහිලා පැලොටින් පියවරුන්ගේ පැවිදි නිකායෙන් (Pallottine Fathers ) ලද දායකත්වය සුවිශේෂීය. ඔවුන්ගේ ඉල්ලීම මත ශුද්ධාසනය විසින් 1890 වසරේදී අපෝස්තුලුවරුන්ගේ රාජේශ්වරිය නමින් විශේෂ මංගල්‍යයක් පවා ස්ථාපිත කරන ලදි. ඒ සමිඳාණන්ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යයට පසු සෙනසුරාදාය.
අප රටේ අපෝස්තුලුවරුන්ගේ රාජේශ්වරිය නමින් කැපකළ දේවස්ථානයක් කුරුණෑගල රදගුරු වසමේ දඹදෙණිය සිරිගල ග්‍රාමයේ පිහිටා ඇත. එය දශක තුනකට පමණ පෙර ඉදිකරන ලද්දකි.
අපෝස්තුලුවරුන්ගේ රාජේශ්වරියනි අප නිසා යාච්ඤා කළ මැනව.
සටහන : මාධව ජයකොඩි