අති කරුණාවන්ත ජේසුනි, ඔබවහන්සේ දයාවේ හා ආදරයේ උල්පත වන සේක. අපි ඔබවහන්සේට ආදරය කරමු. වන්දනා නමස්කාර කරමු.

ඔබවහන්සේගේ දයා කරුණාවේ වාසස්ථානය වන දේව දයාවේ ප්‍රතිරූපය හමුවේ වැද වැටී සිටින අප සැම දෙනද, අපගේ පවුල්ද අපගේ දරුවන්ද අප මීසමද, ඔබ වහන්සේට මුළුමනින්ම අද දින කැප කරමු.

අති ප්‍රේමණීය ජේසුනි, ඔබවහන්සේගේ දයාවේ උල්පත විවර කර අප වෙත දයාවී අපට අවශ්‍ය පිහිට ලබා දුන මැනව.

ඔබවහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ දයා කරුණාව කෙරෙහි අපි අපගේ සම්පුර්ණ විශ්වාසය තබමු.

ආදරයේ උල්පත වූ ජේසුනි, ඔබවහන්සේගේ වේදනාත්මක ශ්‍රී ඇලයෙන් වෑහුණු අතී අමිල වූ ශ්‍රී රුධිරය හා ජලධාරාවන්ගෙන් අප ආරක්ෂා කර පරිශුද්ධවත් කර සුවපත් කළ මැනව.

අප දිවි ගෙවන සෑම තැනකම ඔබවහන්සේගේ දේව දයාවේ පණිවුඩය පතුරුවා හරින්නට නිරතුරු අපට පිහිට වුව මැනව.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *