බෙත්ලෙම් පුරයේ සීතල රෑ යාමෙ හිම කඳු හෙල් අතරේ
කඳු හෙල් අතරේ එඬේරු මතිනේ සුරදුතුවන් එන්නේ
සුරදුතු එන්නේ අහස දිළෙන්නේ එඬේරු කැලැඹෙන්නේ
සාමයේ ගීතේ // පිළිරැව් දේ

පුන ගයුම :

සුමඟුල් පුවතක් අප ගෙනැ එන්නේ
පුත් දෙවිඳුන් අද ඉපැදී ඉන්නේ
මහොතුම් දෙවිඳුන් මහිමය ඔබවේ
දෙවි හද දිනුවෝ සාමෙ සදන්නෝ

නොබියැව අසන්න සත හට මංගල සුපුවත දන්වන්නා
කිරි කැටි කිතිඳුයි සංහිඳියාවේ දවිපුර උපදින්නා
හානකඩින් එතු දෙවි පුතු ගව ඔරුවේ දැන් සැතපෙන්නා
ගොසින් බලා වැඳ // සාමෙ ලොවට කියව්

සුපුවත පවසා සුරදුතු ලස්සන පැසසුම් ගී ගැයුවා
කඳු හෙල් අතරේ ඒ අනුසාරෙන් එඬේරු ගී ගැයුවා
යමු යමු අපි දැන් බෙත්ලෙහෙමට යමු දෙවිදුතු වදන ලෙසා
සාමයෙ ගීතේ // පිළි රැව්දේ

දෙවිඳුන් දිළිඳුව ගව ඔරුවේ ඇත සැතපී සැනැහීලා
මරිමව ජොසපුන් සමගින් ඔකදින දරු සෙනෙහසැ වෙලිලා
එඬේරු ඇසු දුටු හැමදේ පවසා හැමෝම මවිත කළා
සාමයෙ ගීතේ // පිළි රැව්දේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *