පුන ගැයුම :
මම වෙමි යහපත්
බැටළු එඬේරාණෝ //

නිල් තණබිම් වෙත ගෙන යන්නේ
දිය ඇති තැන් සොයමින් යන්නේ
ඔබ වෙනුවෙන් පිදෙමි
ඔබ සුව සෙත පතමි

සොර සතුරන්ගෙන් රැක ගන්නේ
වග වලසුන්ගෙන් මුදවන්නේ
ඔබ වෙනුවෙන් පිදෙමි
ඔබ සුව සෙත පතමි

අඳුරෙන් විපතින් ගලවන්නේ
ඵල බර දිවි මඟ ගෙන යන්නේ
ඔබ වෙනුවෙන් පිදෙමි
ඔබ සුව සෙත පතමි

ඔබෙ යහපත ගැන මම සිතමි
ඔබ සමගින් පියමන් තබමි
ඔබ වෙනුවෙන් පිදෙමි
ඔබ සුව සෙත පතමි

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *