අප සතු සැම දේ ඔබ වෙත ගෙන එමු
මේ යාගික මොහොතේ
මල් පළතුරු හා රන් මිණි මුතු හා
පුරවා අප දොහොතේ
මදුමය ගී හා සුන්දර දේ ලස්සන හිතකර දේ
ඈ ඒ හැම දේ ඔබ වෙත ගෙන එමු
තුති දී සුහද සිතේ

කොයි දේ පිදිණිද මගෙ සිත නොපිරේ
නොවටී දූවිලි සේ
මිණි මුතු මැව් ඔබ ඉර හඳ මැව් ඔබ
මුළු මහ තරු පෙළ සේ
රිසි වෙම් මගෙ මුළු දිවිය පුරා
මගෙ ආදරය දරා
ඔබ ගැති වන්නට සියළුම මොහොතේ
ගැණ ගැණ පැය දවසේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *