රෝම අධිරාජ්‍යය සමයේ ක්‍රිස්තියානි පීඩන සමය
මුල් ක්‍රිස්තියානීන් එක් එක් රෝම අධිරාජ්‍යයන් යටතේ විවිධ හේතු මත අධික ලෙස පීඩාවට ලක් කරන ලදි. සමහර වද හිංසා ඉතා කෘර ඇදහිය නොහැකි ඒවා විය. ඒවායින් කිහිපයක් නම් මෙසේ ය.
නීරෝ අධිරාජ්‍යය සමය (Nero)
කාලය: ක්‍රි.ව. 64 – 68
පීඩා සඳහා හේතු:
- ජනතාව රෝමයේ ජනාකීර්ණ ප්‍රදේශ ගිනි තබා එහි වරද ක්‍රිස්තියානීන් පිට පැටවීම.
ලැබුණු දඬුවම්:
- ක්‍රීඩා පිටි සහ නගර ආලෝක කරණ පහන් කණු ලෙස ක්‍රිස්තියානීන් යොදා ගැනීම
- ක්‍රිස්තියානීන්ව සතුන්ට ගොදුරු ලෙස දැමීම
මෙම කාලය, පොදු ජනතාව ක්‍රිස්තියානීන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදැක්වූ සමයක් විය. එම නිසා ජනතාවගෙන් ද ක්‍රිස්තියානීන්ට කිසිදු බුරුලක් නොලැබුණි.
ඩොමීෂියන් අධිරාජ්‍යය සමය (Domition)
කාලය: ක්‍රි.ව. 81 – 96
පීඩා සඳහා හේතු:
- ආණ්ඩුකාරයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා
- ක්‍රිස්තියානීන් රෝම දෙවිවරුන් ප්‍රතික්ෂේප කිරීම
- ක්‍රිස්තියානීන්ගේ තිබූ අධික සහෝදර ප්‍රේමය, ශාන්තිය සහ චරිත ශුද්ධිය හෙලා දැකීම
ලැබුණු දඬුවම්:
ඉහත දක්වා තිබෙන දඬුවම් මේ සමයේ ද ක්‍රියාත්මක වූ අතර විශේෂයෙන් ශු. ජුවාම් තුමා උණු තෙල් කටාරමකට දමා මරණයට පත් කිරීමට උත්සහ කිරීම සහ පසුව එතුමා පැට්මොස් දූපතට පිටුවහල් කිරීම විශේෂ සිදුවීමකි.
ට්‍රාජන් අධිරාජ්‍යය සමය (Trajan)
කාලය: ක්‍රි.ව. 98 – 117
පීඩා සඳහා හේතු:
- අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ඇදහිල්ල තහනම් ඇදහිල්ලක් බවට ප්‍රකාශ කිරීම
- ක්‍රිස්තියානීන් රෝම දෙවිවරුන් ප්‍රතික්ෂේප කිරීම
ලැබුණු දඬුවම්:
- මරණීය දණ්ඩනය
මෙම කාලයේ දී පීඩා අධික වූ බැවින් ක්‍රිස්තියානීන් වන්දනාව සඳහා පොළොව යට රැස් වන ලදි.
මාර්කුස් අවුරේලියස් අධිරාජ්‍යය සමය (Marcus Aurelius)
කාලය: ක්‍රි.ව. 161 – 180
පීඩා සඳහා හේතු:
- අධිරාජ්‍යයාට මුහුණපෑමට සිදු වූ ජලගැල්ම, වසංගත, බාබේරියන් ආක්‍රමණ ආදියට හේතුව ක්‍රිස්තියානීන් බව සැලකීම.
ලැබුණු දඬුවම්:
- මරණීය දණ්ඩනය
- පතල් වල වහල් සේවයේ යෙදවීම
මාර්කුස් අවුරේලියස් අධිරාජ්‍යයා නොනවත්වා ඇති උග්‍ර ලෙස දිගු කාලයක් මෙම පීඩාවන් ක්‍රිස්තියානීන් මත පමුණුවන ලදි.
සේප්ටිමස් සේවරස් අධිරාජ්‍යය සමය (Septimus Severus)
කාලය: ක්‍රි.ව. 202 – 211
පීඩා සඳහා හේතු:
- ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම
ලැබුණු දඬුවම්:
- ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම සම්පුර්ණයෙන් තහනම් කිරීම
- මරණීය දණ්ඩනය
මෙම සමයේ දී සොල්දාදුවන් විසින් ගෙයින් ගෙට ගොස් ක්‍රිස්තියානුවන් සොයා ගෙන මරා දමන ලදි.
මැක්ෂිමියානු අධිරාජ්‍යය සමය (Maximian)
කාලය: ක්‍රි.ව. 235 – 238
පීඩා සඳහා හේතු:
- පූජකවරුන්ගේ විශ්වාසය අඩපණ කිරීමෙන් ගිහි විශ්වාසය බිඳිය හැකි බව අධිරාජ්‍යයා සිතීම
ලැබුණු දඬුවම්:
- පාප්තුමන්ලාව සර්ඩිනියාවේ පතල් වල වහලුන් ලෙස පිටුවහල් කිරීම
මෙම පීඩනය පූජකතුමන් සහ රදගුරුතුමන් ඉලක්ක කර ගෙන සිදු වූ පීඩනයකි.
ඩේසියුස් අධිරාජ්‍යය සමය (Dacius)
කාලය: ක්‍රි.ව. 249 – 251
පීඩා සඳහා හේතු:
- ක්‍රිස්තියානි ආගම නිසා රෝම අධිරාජ්‍යය පිරිහෙතැයි අධිරාජ්‍යයා සිතීම
- ක්‍රිස්තියානීන් සංකේතාත්මකව වර්ධනය වීම
ලැබුණු දඬුවම්:
- රෝම දෙවි දේවතාවන් වන්දනා කිරීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව පැතීමට ක්‍රිස්තියානීන්ට නියෝග කිරීම
- අධිරාජ්‍යයාගේ දේවත්වය පිළිගැනීමට කැමති බව ප්‍රකාශ කෙරෙන ලියවිලි ක්‍රිස්තියානීන් ලවා අත්සන් කර ගැනීමට නියෝග කිරීම
මෙම පීඩන සමයේ ප්‍රධාන අරමුණ වූයේ ක්‍රිස්තියානීන් මැරීම නොව අධිරාජ්‍යයේ ආගමට ඔවුන් හරවා ගැනීම ය. මෙම කාලය තුල බොහෝ ක්‍රිස්තියානීන් වනගත වී තපස් රැකීම නිසා පීඩාවෙන් මිදී සිටීමට බොහෝ දෙනෙකුට හැකි විය.
වැලේරියානු අධිරාජ්‍යය සමය (Valerian)
කාලය: ක්‍රි.ව. 254 – 260
පීඩා සඳහා හේතු:
- ක්‍රිස්තියානීන්ව මිථ්‍යා දෙවි දේවතාවන් පිදීමට යොමු කරවන්නට අධිරාජ්‍යයාට තිබූ අවශ්‍යතාව.
ලැබුණු දඬුවම්:
- පූජකවරුන් සහ අගරදගුරුවරුන් සිරගත කිරීම
- ක්‍රිස්තියානි දේවස්ථාන විනාශ කිරීම
- ක්‍රිස්තියානි පොත්පත් පිළිස්සීම
- ක්‍රිස්තියානීන්ගේ පුරවැසි අයිතීන් පැහැර ගැනීම
මෙය ඉතා දරුණු පීඩා සමයක් ලෙස සැලකේ.
අවුරේලියන් අධිරාජ්‍යය සමය (Aurelian)
කාලය: ක්‍රි.ව. 247 – 280
පීඩා සඳහා හේතු:
- රෝම සෙනෙට් සභිකයන්ගේ සිත දිනා ගැනීම සඳහා
ලැබුණු දඬුවම්:
- ක්‍රිස්තියානීන් වන මෘගයන්ට ගොදුරු කිරීම
දියෝක්ලෙෂියානු අධිරාජ්‍යය සමය (Diocletian)
කාලය: ක්‍රි.ව. 284 – 305
පීඩා සඳහා හේතු:
- මුළුමනින් ම ක්‍රිස්තියානීන් විනාශ කර දැමීම සඳහා
මේ සඳහා දියෝක්ලෙෂියානු අධිරාජ්‍යයා පැනවූ ආඥාවන් මෙසේ ය
I වන ආඥාව
- ක්‍රිස්තියානීන්ට රජයේ නිල තනතුරු තහනම් කිරීම
- ක්‍රිස්තියානි සභාවට අයත් දේපළ සහ ශුද්ධ වූ පොත්පත් රාජසන්තක කිරීම
II වන ආඥාව
- සියලු ම පූජකයන් අත්අඩංගුවට ගැනීම
III වන ආඥාව
- දේවතා පිළිම වලට පූජා ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කරන සියලු ම ක්‍රිස්තියානීන් මරා දැමීම
ලැබුණු දඬුවම්:
- මරණීය දණ්ඩනය
- ක්‍රිස්තියානි වන්දනා ස්ථාන විනාශ කිරීම
- ක්‍රිස්තියානීන්ගේ හිස ගසා දැමීම සහ අත් පා කපා දැමීම
- ක්‍රිස්තියානීන්ගේ ඇස් උගුලා දැමීම
- ක්‍රිස්තියානීන් රත් වූ යකඩ පුටු වල බැඳ පිළිස්සීම
- ක්‍රිස්තියානීන් වන මෘගයන්ට බිළි දීම
- ක්‍රිස්තියානීන් සාගින්නේ තබා මරණයට ලක් කිරීම
- ක්‍රිස්තියානි නගර සමූහ ඝාතනය කිරීම
- ක්‍රිස්තියානි සොහොන් ගෙවල් විනාශ කිරීම
මෙම සමය ද ඉතා දරුණු පීඩා සමයක් ලෙස සැලකේ. දියෝක්ලෙෂියානු අධිරාජ්‍යයාගෙන් පසුව පත් වූ ගැලේරියස් අධිරාජ්‍යයා ක්‍රි.ව. 305 සිට ක්‍රි.ව. 311 දක්වා ක්‍රිස්තියානීන්ට පීඩා කළ ද ක්‍රි.ව. 311 දී එම නීති රීති ලිහිල් කළේ ය.
ගැලේරියස් අධිරාජ්‍යයාගෙන් පසුව පැමිණි කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා ක්‍රි.ව. 312 ඔක්තෝබර් 28 වන දින මැක්ෂේන්ටියුස් සමඟ යුද්ධයක් ඇති විය. (Battle of the Milvian Bridge). මැක්ෂේන්ටියුස් යනු කලින් සිටි මැක්ෂිමියානු අධිරාජ්‍යයාගේ පුත්‍රයා ය. මෙම යුද්ධයේ අරමුණ වූයේ මැක්ෂේන්ටියුස් හට රෝමයේ සහ ඉතාලියේ තනි බලය අල්ලා ගැනීම ය.
මෙම සටන ආරම්භ වන්නේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා ක්‍රිස්තියානුවෙකු බවට පරිවර්තනයේ ආරම්භය සනිටුහන් කරමිනි. එසේ සිදු වීමට හේතුව කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා දුටු සිහිනයක් බව කියවේ.
යුද්ධයට පෙර දින එනම් ක්‍රි.ව. 312 ඔක්තෝබර් 27 වන දින රාත්‍රියේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා හට දෙවියන් වහන්සේ විසින් එවන ලද දර්ශනයක් සිහිනයෙන් දකින්නට ලැබුණි. එම සිහිනයේ අර්ථය පහදා දුන්නේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ යුධ ජයග්‍රහණයේ පෙර නිමිත්තක් ලෙස ය.
සිහිනය අනුව කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ සෙබළුන්ගේ පලිහ මත ක්‍රිස්තු යන නමෙහි පළමු ග්‍රීක අකුරු දෙක වන චි සහ රෝ (Chi-Rho) යන අකුරු නැතහොත් කුරුසියේ සලකුණ පින්තාරු කර ගෙන මැක්ෂේන්ටියුස් සමග සටන් වැදීමෙන් ජයග්‍රහණය අත් වන බව කියැවුනි.
සිහිනයේ කියැවුණු පරිදි කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා තම සෙබළුන්ගේ පලිහ මත චි සහ රෝ (Chi-Rho) යන අකුරු නැතහොත් කුරුසියේ සලකුණ පින්තාරු කර ගෙන මැක්ෂේන්ටියුස් සමග සටන් වැද අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නා ලදි.
මෙම සටන ජය ගැනීමෙන් පසුව කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා දෙවියන් වහන්සේගේ බලය පිළිගන්නා ලදි.