සුහද ප්‍රේමයේ අනගි ලකුණ වේ
අප සැම ගැළවූ දිව්‍ය සිරුර වේ

ඔබ දහමේ රස ඉතිරේ ඝනදුර පහවේ
හදට වඩින ඔබ ගුණ අප මුවගේ රැව්දේ

මිහි මඬලේ ඔබ දහමේ රසයෙ සැරිසරා
එලෙස මෙලොව දෙලොව රජෙකු වනු මැනේ සදා

ලොවට බෙදේ ඔබ සාමේ බිය සැක දුරුවේ
දැහැමි මගේ එන මෙ අපේ දිවි ඔබ සතුවේ

දැමුනු සිතේ පවිටු හදේ කිලිටි බව නැසේ
නිමල හදේ සතුටු සිතේ නිති ඔබ රජ වේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *