පුන ගැයුම :
සමගි දහම ලොවට බෙදන
දිව්‍ය බොදුන වළඳින්නට
එන්න යන්න සුහද සොයුර
වාද භේද අමතක කරලා
සුහද සිතින් එකමුතු වීලා

ඔබයි සමිඳ ජීවිතයේ අහරය වන්නේ
ඔබයි සමිඳ ජීවිතයේ මාවත වන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගත සිත ඔබට දෙන්න
දිව්‍ය බොදුන වළඳින්නට
අපි අද එන්නේ

ඔබයි සමිඳ ලෝකයෙ ආලෝකය වන්නේ
ඔබයි සමිඳ මිනිස් සිතට ජීවය දෙන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගත සිත ඔබට දෙන්න
දිව්‍ය බොදුන වළඳින්නට
අප අද එන්නේ

නිරස දිවියෙ දහම් මඟට ලුණු රස වන්නේ
එවන් දිවියෙ අරුත ගෙනෙන සත්‍යය වන්නේ
එවන් වදන් අනුව යන්න
අප ගත සිත ඔබට දෙන්න
දිව්‍ය බොදුන වළඳින්නට
අප අද එන්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *