249. රුවන් පහනක් දල්වමී
රුවන් පහනක් දල්වමී
සිත් සතන් තුළ සදා නොනිවෙන
දහම් පහනක් දල්වමී
සමිඳුනේ – දෙවි සමිඳුනේ
ඔබට පහනක් දල්වමී
මගේ පහනෙන් ලොව පහන් කරමී
ලොවට දහමේ එළිය දී දිළෙමී
මගේ ඇසුරේ හැම දනන් සිත් මම පහන් කරමී
ඔබේ එළියම මගේ පහනේ
දිලෙන්නට යදිමී
මගේ පහනට තෙල් ඔබෙන් සොයමී
නොනිවෙමින් දැල්වෙන්නටම යදිමී
වැයවෙමින් සැම මොහොතකම මම අඳුර දුරු කරමී
මගේ එළියෙන් ඔබේ එළියේ
මහිමය ම කියමී
මගේ පහනින් මම සදා පිදෙමී
දැහැමි දිවියේ පහන් ගෙන පිදෙමී
දහම් ලොවකට දහම් රටකට
මම පහන් නඟමී
සිත් සතන් තුළ පහන් නංවා
පහන් කොත් බඳිමී